ආදර සේයා

සිතක රැදි සේයා











2/23/2010


ආදර අම්මා.....


සිතේ රැදි දුක් කරදර

පවසන්නට සිටින්නෙ

ඔබ පමණයි...

සි‍තේ අැතිවන සතුට

බෙදාගන්නට සිටින්නෙ

ඔබයි......

වරදක් වුවොත් අවවාද දෙන්නෙත්

ඔබයි.......

නිති මා දිරි ගන්වන ඔබ

මට මිණි පහණකි

මගෙ ආදර අම්මේ........

මින් රළ........


කෙළි දෙළෙන් ඔබ මොබ
යන පිහින යන
මත්ස්‍ය රැළ
ඒකවරම වනසන්න
සිත් දෙන්න
කල වරද කිම උන්
මිනිසාට.............

2/22/2010


බලාපොරොත්තුව....


ජීවිතයේ උතුරා යන සතුට
අපිරිමිත සෙනෙහස
සත්‍යයේ තෝතැන්නක් වු
නිකැලැල් හදවත
සන්තානයේ සිහිවටනයක් වන්නෙ
මිනිසා මිනිස්කම
හදුනා ගත් විටදී පමණී...
විෂම වූ සමාජයේ

අධ්‍යාපනය,
මනුෂ්‍යත්වය,
පෙරටු කර ගෙන දැල්විය යුතුයි
සත්‍යයේ පහන් සිළුව........

ජයග්‍රහණය......




අනන්තයේ මැකී බොඳව යන
සිනහවෙ මායාව
සොයා දිව යන මසිත
යලිත් පසු පස හැරී
දිව එන්නට හදන විට
හදේ ගැඹුරු තැනින් කථා කර
අසයි වදනක්
පැරදුම පිලිගෙන පසෙකට වී
බලා හිදිනවා වෙනුවට
අභියෝග වලට මුහුන දී
ලබන පැරදුම සිය දහස් වර වටිනා බව
ඉන් ගෙන සවිය සිතට
ඉදිරියටම යා යුතුය
දකින තුරු
දිනුම් කනුවක සේයා

2/20/2010


මහ මුහුද ඉකි බිදි......










ඉවත ලන දෙ ගෙනත්
මහ මුහුද පුරවලා,
රට වටා බැදි පවුර
මහ සයුර වද විදි........

ගග දිගෙ රැගෙන අා වැලි නැතිව ගිය බැවින්,
වෙරල සේදෙනු බලා
මුහුද ළසොවින් හිදි.......

පුපුරවා සිදු පතුල
මසුන් මරනා හෙයින්
දරැවන්ද අහිමි වි
මුහුද පිහිටක් යදී.......

කොරල් පර සිද දමා
මුතු සක් පබලු ගෙන
පාලු වූ වෙරළ දැක
මහ මුහුද ඉකි බිදි............




1/07/2010


ඡීවිතය.....


ඡීවිතය කවියක්

අාදරය සොදුරැතම කවියක්

හසරැලි පොදක්

කදුලැලි බිදක්

ඒකට ඒක් වූ විට දැනෙ

පෙර නොවිදි රසයක්

ඔබ තරමි....................




සදට සද සාවි මෙන්

පෙම් බැන්ද

කෙනෙක් නෑ,......

මලක් මල් නටුව මෙන්

රැක ගන්න

කෙනෙක් නැ,......

කතරට වැස්ස මෙන්

සුව දෙන

දෙයක් නෑ......

මගෙ හිතෙ නුඹ තරමි

උන්නු තව

කෙනෙක් නෑ...........